නව වාර්තාවක් පිහිටු වූ ක්‍රිස් ගේල්ගෙන් සංගාට විශේෂ ස්තූතියක්

Date:

මෙවර T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අබුඩාබි කණ්ඩායම නියෝජනය කරන කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් T 10 ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට ඊයේ(3) සමත් වූ බව අප ඔබට මීට පෙර වාර්තා කළා.

ඒ, මරාත ඇරබියන්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී පන්දු 12කින් සිය අර්ධ ශතකය වාර්තා කරමින්.

මෙම තරගයෙන් අනතුරුව ක්‍රිස් ගේල් විසින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරට විශේෂ ස්තූතියක් ද පුද කර සිටියා.

මෙවර තරගාවලියේ දී අබුඩාබි කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.

තමා පිතිකරණය සදහා පිටව යාමට පෙර සංගක්කාරගෙන් තමාට වැදගත් උපදෙස් ලැබුණු බවත්, එය සිය දක්ෂතා වර්ධනය කර ගැනීම සදහා උපකාරී වූ බවත් ක්‍රිස් ගේල් කියා සිටියා.

“ඉගෙන ගැනීම අපි කවදාවත් නතර කරන්නේ නැහැ. සංගා, ඔයා තමයි පුද්ගලයා. ඔයා පුරාවෘත්තයක්” යනුවෙන් ඔහු සදහන් කළා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...