සංගක්කාරට එම්.සී.සීයෙන් වසරක ධූර කාල දිගුවක්

Date:

එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන කුමාර් සංගක්කාර මහතාගේ ධූර කාලය දීර්ඝ කිරීමට  එම ක්‍රිකට් සමාජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ බලපෑමත් සමගයි.

ඒ අනුව එම්.සී.සී කමිටුව විසින් තීරණය කර ඇත්තේ තවත් වසරක කාලයක් සදහා ධූරයේ රැදී සිටීමට සංගක්කාර වෙත අවස්ථාව ලබා දීමටයි.

ධූර කාලය දීර්ඝ කිරීම සදහා මහා සභා රැස්වීමේ දී සාමාජිකයින්ගේ අනුමැතිය හිමි විය යුතුයි.

එය ලබන ජූනි 24 වනදා පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍යයෙන් මෙම මහා සභා රැස්වීමේ දී නව සභාපතිවයා තෝරා ගැනීම සිදු වනවා.

2019 වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා වසරක කාලයක් සදහා සභාපති ධූරයේ වැඩ භාර ගත් කුමාර් සංගක්කාරගේ ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් 30 වනදායි අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඔහුට ලබන වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා ධූරයේ රැදී සිටින ලෙසටයි මේ වන විට එම්.සී.සී කමිටුව විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යනු එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...