ලෝක ශූර එංගලන්තයට පවුම් මිලියන 380ක පාඩුවක්

Date:

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම වසරේ දී තම ආයතනයට පවුම් මිලියන 380ක පාඩුවක් සිදු වනු ඇති බව එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ටොම් හැරිසන් මේ බව සදහන් කළේ එරට ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා කමිටු දෙපාර්තමේන්තුව හමුවේ අදහස් දක්වමින්.

කොරෝනා වෛරසය හේතුවෙන් අවම වශයෙන් ජූලි පළමුවනදා දක්වා එංගලන්තය තුළ කිසිදු ක්‍රිකට් තරගයක් නොපැවැත්වෙනු ඇති.

එමෙන්ම මෙම වසරේ දී පළමු වරට පැවැත්වීමට සැලසුම් කර තිබූ “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලිය ද ලබන වසර දක්වා කල් දැමීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළා.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ක්‍රිකට් දින 800ක් පමණ සියලු වෘත්තීය ක්‍රීඩා සමාජ සහ එංගලන්ත ක්‍රිකට් ආයතනයට අහිමි වනු ඇති බවයි ප්‍රධාන විධායක නිළධාරී ටොම් හැරිසන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඉදිරියේ දී සැලකිය යුතු ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවත්, ඒ තුළින් සිදුව ඇති පාඩුව අවම කර ගත හැකි වනු ඇති බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තාතනය, අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ඉදිරියේ දී එංගලන්ත තරග සංචාරවල නිරත වීමට නියමිතව ඇති නමුත්, එම තරග සංචාර නියමිත පරිදි පැවැත්වීමට හැකි වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව තීරණය වී නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...