ෂාරුක් ඛාන් පන්දු සියයත් ආක්‍රමණයට සූදානම්

Date:

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරන “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සදහා අයෝජනය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් හිමිකාරීත්වයේ අවධානය යොමුව තිබෙනවා.

පෞද්ගලික අයෝජන සදහා අවස්ථාව ලබා දීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සූදානම් වුවහොත් ඒ සදහා ඉදිරිපත් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකාරීත්වය සූදානම්ව සිටින බවයි Telegraph පුවත්පත වාර්තා කරන්නේ.

මෙම තරගාවලිය සදහා පෞද්ගලික ආයෝජන පළමුව ප්‍රතික්ෂේප කෙරුණා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඇතිව තිබෙන මූල්‍ය අර්බුදය හමුවේ එම තීරණය නැවත ඇගයීමකට ලක් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

කොරෝනා අර්බුදය හමුවේ පන්දු සියයේ තරගාවලියේ ආරම්භය ද ලබන වසර දක්වා කල් දැමුණා.

සුපිරි බොලිවුඩ් නලු ෂාරුක් ඛාන් සම හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් විසින් “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ කණ්ඩායමක් සදහා ආයෝජනය කළහොත් එම කණ්ඩායමේ නම නයිට් රයිඩර්ස් ලෙස සංශෝදනය කිරීමට ද ඉඩ ඇති බව සදහන්.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ කණ්ඩායම මිලදී ගැනීමෙන් පසුව ද ඔවුන් එම කණ්ඩායමේ නම ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් ලෙස වෙනස් කිරීමකට ලක් කළා.

“සමහරවිට අපි ගෝලීය හොදම ක්‍රිකට් සන්නාමය වෙන්න ඇති.  අපගේ උපායමාර්ගය සැම විටම ගොලීය වශයෙන් ක්‍රිකට් සදහා ආයෝජනය කිරීමේ අවස්ථාවන් සොයා බැලීමයි.”

යනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් හි ප්‍රධාන විධායක නිළධාරී Venky Mysore, Telegraph පුවත්පත වෙත සදහන් කර තිබෙනවා.

“නයිට් රයිඩර්ස් විසින් ඕනෑම ලීගයකට ගෙන එන වටිනාවකම ලොව පුරා සියලු ලීගයන් දන්නවා. ඒ වගේම අපි වැනි ආයෝජකයින් ගෙන එන සන්නාමය, වෘත්තීය කළමණාකාරීත්වය, අලෙවිකරණ අදහස් සහ අප සතු විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාව වැනි කරුණුවල වටිනාකම සියලු ලීගයන් අවබෝධ කර ගෙන ඇති බවත් මම හිතනවා.”

පන්දු සියයේ තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් එක්වන අතර, ඒ අතරින් සදන් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...