“අපේ විශ්වාසය දිනා ගන්න හේල්ස්ට තාමත් දොර විවෘතයි” – මෝර්ගන්

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මුල්පෙල පිතිකරු අලෙක්ස් හේල්ස්ට යළි ජාත්‍යන්තර තරග පිටියට පිවිසීමේ හැකියාව පවතින බව නායක ඉයන් මෝර්ගන් පවසනවා.

ඒ සදහා ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහ කළමණාකාරීත්වයේ විශ්වාසය නැවත ලබා ගත යුතු බවයි මෝර්ගන් පෙන්වා දෙන්නේ.

අන්තරායකර ඖෂධ භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලින් ඇලෙක්ස් හේල්ස් අසමත් වුණා.

ඒ, පසුගිය වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සති කිහිපයක් ඉතිරිව තිබියදීයි.

අනතුරුව ඔහු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැහැ.

ඒ අනුව ඇතැමුන්ගේ මතය වී ඇත්තේ ඔහු මේ වන විට ප්‍රමාණවත් දඩුවමක් විද ඇති බැවින් යළි දෙවැනි අවස්ථාවක් ලබා දීමට කාලය එළඹ ඇති බවයි.

නිමා වූ පාකිස්තාන සුපර් ලීග් සහ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියන් හී දී ඇලෙක්ස් හේල්ස් සුවිශේෂි දස්කම් දැක් වීමට සමත් වුණා.

ඒ අනුව එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්තය සදහා ක්‍රීඩා කිරීම ඔහුගේ අපේක්ෂාව වී ඇති බව සදහන්.

“පෙනෙන විදිහට ප්‍රායෝගිකව ඒක මිනිස් ස්වභාවය. දැන් අවශ්‍ය වන්නේ විශ්වාසය දිනා ගැනීමයි.”

යනුවෙන් ඉයන් මෝර්ගන්, ඇලෙක්ස් හේල්ස්ගෙන් සිදු වූ වරද සම්බන්ධයෙන් අදහස් පල කළේ අබුඩාබි ටී10 දියත් කිරීමේ වැඩසටහනේ දී යි.

“විශ්වාසය නැවත ලබා ගැනීම සදහා නිසි කාල සීමාවක් තැබිය හැකියි කියල මම හිතන්නේ නැහැ. එය මාත් සමග පමණක් නෙවෙයි. කණ්ඩායමේ සෑම සාමාජිකයෙකු සමගම, කාර්ය මණ්ඩලය සමග සහ තේරීම් කමිටුව සමග ඒ විශ්වාසය දිනා ගත යුතුයි”

“සිදු වූ දේ ඇත්තමට ගොඩක් හානිකරයි. එය පැහැදිලිවම ක්‍රීඩකයින් සහ ඇලෙක්ස් අතර විශ්වාසය බිද වැටීමට හේතු වුණා. ඒ විශ්වාසය නැවත ලබා ගන්න කොපමණ කලක් ගත වේද කියල අපි දන්නේ නැහැ. නමුත් ඒ විශ්වාසය නැවත දිනා ගැනීම සදහා අනිවාර්යෙන්ම දොර තාමත් විවෘතයි”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...