“මම රටේ හොදම පිතිකරුවන් 6 දෙනා අතරේ ඉන්නවා”

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීම සදහා තමා තවදුරටත් සටන් කරන බව මුල් පෙල පිතිකරු උස්මාන් කවාජා පවසනවා.

තමා එරට තුළ සිටින හොදම පිතිකරුවන් 6 දෙනා අතර සිටින බවට තමන් විශ්වාස කරන බවයි උස්මාන් කවාජා පෙන්වා දෙන්නේ.

Fox Sports වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.

පසුගිය වසරේ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව උස්මාන් කවාජා මෙතෙක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නැහැ.

පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුට ප්‍රධාන ස්ථානයක් කණ්ඩායමේ හිමි වුව ද මේ වන විට එක්දින කණ්ඩායමේ ඉදිරි සැලසුම්වලින්ද උස්මාන් කවාජා ඉවත් කර ඇති බවක් දක්නට ලැබෙනවා.

එය තවදුරටත් තහවුරු වූයේ පසුගියදා ඔහුව එරට කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් 20 දෙනා අතරින් ද ඉවත් කිරීම හේතුවෙන්.

” ඔබ දක්ෂතා දක්වනවානම් වයස කියන්නේ ඉලක්කමක් පමණයි. මෙය මට වයස අවුරුදු 37ක් 38ක් වගේ වෙලා මගේ ක්‍රීඩා දිවිය අවසන් වෙන අවස්ථාවක් වගේ නෙවෙයි.”

යනුවෙන් 33 හැවිරිි කවාජා සදහන් කළා.

” අහංකාර ලෙස කියනවා නෙවෙයි. මම හිතන්නේ මම තාමත් රටේ හොදම පිතිකරුවන් 6 දෙනා අතර ඉන්නවා”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...