ශ්‍රී ලංකා සංචාරය අභියස ඔස්ට්‍රේලියානු වැඩබලන නායකයාටත් ආබාධයක්

Date:

ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර සිටින ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වැඩබලන නායක ස්ටීවන් ස්මිත් ආබාධයකට ලක්ව තිබෙනවා.

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සිඩ්නි සික්සර්ස් හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම් අතර සිකුරාදා පැවැති තරගයේදීයි ඔහු දකුණු වැලමිටෙහි ආබාධයකට ලක්ව ඇත්තේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට පෙර ඩුබායිහීදී පැවැත්වෙන පුහුණු කදවුර සදහා ද ඔහුගේ සහභාගීත්වය ප්‍රමාද වී තිබෙනවා.

ස්මිත් මේ වන විට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා බවත්, ඉදිරි දිනකදී ඔහු පුහුණු කදවුර සමග එක් වීමට අපේක්ෂාවෙන් පසුවන බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

නිත්‍ය නායක පැට් කමින්ස් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ස්මිත් කණ්ඩායම මෙහෙයවීමට නියමිතව සිටිනවා.

ස්මිත්ට තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් උප නායක ට්‍රැවිස් හෙඩ් පළමු වරට ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම මෙහෙයවනු ඇති.

දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් ද බිග් බෑෂ් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙහි ශල්‍යකර්මයක් ද සිදු කෙරුණා.

නමුත්, ඔහුට ශ්‍රී ලංකා සංචාරයට එක් වීමට හැකි වනු ඇතැයි ඔස්ට්‍රේලියාව තවදුරටත් අපේක්ෂාවෙන් පසුවනවා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...