මැලේසියාව 23 කට දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ පළමු තරගයෙන් සුපිරි ජයක්

Date:

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද(19) සමත් වුණා.

ඒ, තරගාවලියේ 7 වැනි තරගයේදී සත්කාරක මැලේසියාව ලකුණු 23 කට දවා ගනිමින් ලකුණු 139 ක විශිෂ්ඨ ජයක් උරුම කර ගනිමින්. මෙය මැලේසියා යොවුන් කාන්තා කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලානයකදී ක්‍රීඩා කළ පළමු තරගයයි.

ක්වාලාලම්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මැලේසියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා.

දැහැමි සෙනෙත්මා ලකුණු 55(52) ක් ලබා ගත් අතර, සංජනා කාවින්දි ලකුණු 30(13) ක් රැස් කළා. හිරුනු හංසිකා ලකුණු 28(21) ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Siti Nazwah ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවේ සියලු දෙනා ලකුණු 23 කට දැවී ගියේ පන්දුවාර 14.1 ක් අවසානයේදීයි. මැලේසියානු ඉනිමේදී කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ. වැඩිම ලකුණුලාභිනිය වූයේ ලකුණු 7 ක් රැස් කළ Nur Aliya Binti Mohd Hairun. පිතිකාරිණියන් හය දෙනෙකු ලකුණු නොලබා දැවී යාම ද කැපී පෙනුණා.

පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා ලකුණු 5 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලිමන්සා තිලකරත්න හා මනුදි නානායක්කාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර, තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය එළඹෙන 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවත්, තෙවැනි තරගය එළඹෙන 23 වැනිදා ඉන්දියාවට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...