බුම්රා, ජයිස්වාල් හා කුල්දීප් සමග ශූරයින්ගේ කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා මෙම සංචිතයට නම් කර ඇති අතර, හර්නියා රෝගය හේතුවෙන් ශල්‍යකර්මයකට ලක්ව සිටි දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් ද සංචිතයට ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

පෙබරවාරි මස මුලදී එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද මෙම සංචිතයේ ක්‍රීඩකයින්ම ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, එංගලන්තයට එරෙහි පළමු තරග දෙක සදහා බුම්රාට ක්‍රීඩා කිරීමට නොහැකි වීමට ඉඩ ඇති බැවින් හර්ෂිත් රානා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

සංචිතයේ උප නායකයා ලෙස ෂුබ්මන් ගිල් නම් කර ඇති අතර, යශස්වි ජයිස්වාල් පළමු වරට එක්දින සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දීර්ඝ කාලයකින් පසුව එංගලන්තයට එරෙහි විස්සයි 20 තරගාවලියේදී ජාත්‍යන්තර පිටියට පිවිසීමට සූදානමින් සිටින වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි ද ශූරයින්ගේ කුසලානයට නම් කර තිබෙනවා. මොහමඩ් සිරාජ්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට පාකිස්තානයේදී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

India squad for Champions Trophy 2025

Rohit Sharma (c), Shubman Gill (vc), Virat Kohli, Shreyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Shami, Arshdeep Singh, Yashasvi Jaiswal, Rishabh Pant, Ravindra Jadeja

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...