ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ගැන ඔස්ට්‍රේලියානුවන්ට සුබ ආරංචියක්

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ඔස්ට්‍රේලියානු විකාශන අයිතිය හිමි කර ගැනීමට Seven Network මාධ්‍ය ජාලය සමත්ව තිබෙනවා.

ඒ, පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට තවත් සති දෙකකටත් අඩු කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග දෙකක් ඇතුළත් මෙම තරග සංචාරය ඔස්ට්‍රේලියාව තුළ විකාශය කිරීම සදහා මෙතෙක් කිසිදු රූපවාහිනී ආයතනයක් ඉදිරිපත්ව නොතිබූ අතර, ඒ අනුව තරගාවලිය නැරඹීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ට අහිමි වීමේ අවධානමක් මතුව තිබුණා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව තුළ පැවැත්වෙන ටෙස්ට් තරග, කාන්තා ජාත්‍යන්තර තරග හා බිග් බෑෂ් ලීග් තරගාවලි විකාශය කරන Seven Network මාධ්‍ය ජාලය විසින් මෙම තරග සංචාරයේද විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ ‘free-to-air’ නාලිකා (ගෙවීමකින් තොරව නැරඹිය හැකි නාලිකා) හරහා හා 7plus යෙදුම (app) හරහා තරග විකාශය කිරීමේ අරමුණින්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත අතර, කාන්තා අලුබදුන තරගය ද ජනවාරි 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අවසන් දශක තුනේදී ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළ සියලු ටෙස්ට් තරග සංචාරයන් ඔස්ට්‍රේලියාව තුළ විකාශය කෙරුණා.

අවසන් වරට ඔස්ට්‍රේලියාව තුළ ටෙස්ට් තරගයක් විකාශය නොවුණේ 1994 වසරේදී සිදු කළ පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයේදීයි.

1997 වසරේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිදු කළ තරග සංචාරයෙන් පසුව ඔස්ට්‍රේලියාව තුළ අලුබදුන නොවන තරගාවලියක් මෙතෙක් ‘free-to-air’ නාලිකා හරහා විකාශය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...