ශකිබ් අල් හසාන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඩකා අධිකරණයක් අද(19) වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ, IFIC බැංකුව සම්බන්ධ අගරු චෙක්පත් නඩුවක් සම්බන්ධයෙන්.

බංග්ලාදේශයේ පැවැති අවාමි ලීග් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වූ ශකිබ් ජනතා විරෝධතා හමුවේ එම ආණ්ඩුව බිද වැටීමෙන් පසුව මේ වන විට විදෙස් ගතව ජීවත් වන අතර, නිකුත් කෙරුණු වරෙන්තුවට තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ ද නම් ඇතුළත්.

පසුගිය දෙසැම්බර් 15 වනදා චෙක්පත් වංචා නඩුවට අදාළව ශකීබ්ට ද චෝදනා ගොණු කෙරුණා. පසුව, දෙසැම්බර් 18 වනදා මූලික නඩු විභාගයකින් පසුව ජනවාරි 19 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය ඔහුට නියෝග කළා.

IFIC බැංකුවේ සම්බන්ධතා නිලධාරී Shahibur Rahman විසින් බැංකුව වෙනුවෙන් මෙම නඩුව ගොණු කළේ ශකීබ් සහ තවත් තිදෙනෙකු චෙක්පත් දෙකක් හරහා බංග්ලාදේශ ටකා 41,457,000 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10 ක් පමණ) මාරු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්.

Al Hasan Agro Farm Ltd නම් ශකිබ්ට අයත් සමාගම ද මෙම නඩුවට සම්බන්ධ වන අතර, එහි කළමනාකාර අධ්‍යක්ෂ Gazi Shahagir Hossein, අධ්‍යක්ෂකවරු වන Emdadul Haque හා Malaikar Begum ට එරෙහිව මෙම චෝදනා එල්ල වී තිබෙනවා.

ශකීබ්ගේ සමාගම විවිධ අවස්ථාවලදී IFIC බැංකුවේ බනානි ශාඛාවෙන් මුදල් ණයට ගෙන තිබූ බව සදහන්. එම ණයවලින් කොටසක් ආපසු ගෙවීම සඳහා අදාළ චෙක්පත් නිකුත් කර ඇති නමුත් නඩු ප්‍රකාශයට අනුව ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් ඒවා අගරු චෙක් පත් බවට පත්ව තිබෙනවා.

ශකිබ් අල් හසාන් 2023 වසරේදී දේශපාලනයට සම්බන්ධ වීමත් සමග මේ වන විට ඔහුට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති අතර, සිය අවසන් ටෙස්ට් තරගය ද බංග්ලාදේශයේදී ක්‍රීඩා කිරීමට ඔහු ගත් උත්සාහය ද බංග්ලාදේශ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ අසාර්ථක වුණා.

එරට පැවැති ආණ්ඩුවට එරෙහි විරෝධතා අතරතුර සිදු වූ ඝාතනයකට අදාළව ශකිබ් ද සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. මේ වන විට ඔහු පවුලේ සාමාජිකයින් සමග රැදී සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි.

මෑතකදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ද නීති විරෝධී බව තහවුරු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මේ වන විට පන්දු යැවීමේ තහනමක් ද පනවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...