ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ගෙන් යළිත් ප්‍රබල පිළිතුරක්

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (29) රාත්‍රියේ නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 2 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියා.

අසිත වන්නිනායක ලකුණු 4 කට දැවී ගිය අතර, අභිෂේක් ලියනආරච්චි ලකුණු 49 කට දුවද්දී දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ශෙවෝන් ඩැනියල් ලකුණු 92 ක් ද , පවන් පතිරාජ ලකුණු 37 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඩර්බිහි පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268 ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 381 ක් ලබා ගැනීමට සමත් වුණා.

මැතිව් හර්ස්ට් ලකුණු 116 ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු හැරී සිං ලකුණු 104 යි.

සිව්වැනි කඩුල්ල සදහා සිං සහ හර්ස්ට් අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 202 ක්.

පන්දු යැවීමේදී වනුජ සහන්, දුවිදු රණතුංග, සහන් මිහිර හා රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 178 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...