ආබාධයෙන් පීඩා විදින ශහීන් අෆ්රිඩි ලන්ඩන් යයි

Date:

මේ වන විට ආබාධයකට ලක්ව සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඔහුගේ ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් ශහීන් අෆ්රිඩි එලෙස ලන්ඩන් නුවර වෙත පිටත්ව ගොස් ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ඔහුගේ දකුණු දණහිසෙහි මෙම ආබාධය සිදු වුණා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ද ශහීන් අෆ්රිඩිට ඉවත් වීමට සිදු වුණේ ඔහුට සති 4-6 ත් අතර කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය කමිටුව විසින් කළ නිර්දේශ හේතුවෙන්.

ශහීන් වෙනුවට මොහමඩ් හස්නයින් පාකිස්තාන සංචිතයට ආදේශ කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගත්තේ.

කෙසේ වෙතත්, ශහීන් අෆ්රිඩි පාකිස්තාන කණ්ඩායම සමග මේ දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටියා.

තවත් මාස දෙකකටත් අඩු කාලයකින් ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කෙසේ හෝ ඔහුව සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ අරමුණිනුයි පාකිස්තාන ක්‍රිකට් බළධාරීන් ශහීන් අෆ්රිඩිව ලන්ඩන් නුවර වෙත පිටත් කර යවා ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...