අද තරගය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි ?

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද(30) පැවැත්වෙනවා. ඒ, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතරයි.

‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ ජය බංග්ලදේශයට මෙන්ම ශ්‍රී ලංකාවට ද අතිශය වැදගත් වනවා.

අද තරගයෙන් බංග්ලාදේශය ජයග්‍රහනය කර, ලබන පළමු වැනිදා පැවැත්වෙන තරගයෙන් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුවහොත් B කාණ්ඩයේ සියලු කණ්ඩායම්වල ප්‍රසාද ලකුණු ප්‍රමාණය 2 ක් ලෙස සම තත්ත්වය පත් වනවා.

එසේ වුවහොත් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදු වන්නේ දල ලකුණු ලබා ගැනීමේ වේගය මතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පහසු ජයග්‍රහනයත් සමග මේ වන විට ඇෆ්ඝනිස්තානයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 5.176 ක් ලෙස ඉහළ අගයක් ගෙන ඇති බැවින් අද තරගය ඇෆ්ඝනිස්තානය පරාජයට පත් වුව ද, ඔවුන්ට සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

පළමු තරගයේ දී ඇෆ්ඝනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමේ දැඩි අවධානමකට ලක්ව සිටින අතර, අද තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් වීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු රදවා ගැනීමටනම් අතිශය වැදගත් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය මේ වන විට සටහන්ව ඇත්තේ සෘණ 5.176 ක් ලෙසයි.

අද තරගයෙන් බංග්ලාදේශය ජය ගතහොත් බංග්ලාදේශයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ධන අගයක් බවට පත් වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දල ලකුණු ලබා ගැනීමේ වේගය අතර පරතරය තවදුරටත් ඉතා විශාල අගයක් බවට පත් වනු ඇති.

එසේ වුවහොත් මීළග තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය පරාජයට පත් කළ ද, දල ලකුණු ලබා ගැනීමේ වේගය බංග්ලාදේශයට වඩා ඉහළ මට්ටමකට පත් කර ගැනීමටනම් සැබවින්ම ආශ්චර්යක් සිදු විය යුතුයි.

ඒ හේතුවෙන් බංග්ලාදේශය අද තරගයෙන් පරාජයට පත් වීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනවා.

බංග්ලාදේශය අද තරගය ජය ගතහොත් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට ඉහළ අවස්ථාවක් උදා වනු ඇති.

කෙටියෙන්ම පැවසුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග දෙකම ඔවුන් පරාජයට පත් වීම අතිශය වැදගත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...