පාකිස්තානයේ පරාජයට දැඩිව බලපෑ අයි.සී.සී අලුත් නීතිය

Date:

ඉන්දියාව හා පාකිස්තානය අතර මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(28) පැවැති මූලික වටයේ දෙවැනි තරගය නිමා වුණේ ඉන්දියාවට කඩුලු 5 ක ජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිමා කිරීමට නොහැකි වීම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් වූ බරපතල වරදක් බවට පත් වුණා.

ඉන්දියාව පන්දු යවමින් සිටියදී ද පාකිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබා දීමට මෙම වරද හේතු වූ අතර, පාකිස්තානයට ද තරගය පරාජයට පත් වීමට තරම් දැඩිම මෙම වරද හේතු වුණා.

ඒ, මෙවැනි වරදක් සිදු කිරීමේ දී අයි.සී.සී නීති ප්‍රකාරව (පසුගිය ජනවාරි මාසයේ සිට) ක්‍රීඩකයින් පස් දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවීමට පන්දු යැවීමේ කණ්ඩායමට සිදු වන බැවින්.

පාකිස්තාන ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම 20 වැනි පන්දුවාරයේ පළමු පන්දුව ඒ සදහා වෙන්ව ඇති නියමිත කාලය වන විට යැවීමට හැකි තත්ත්වයක පසු වූයේ නැහැ.

ඉන්දියාව නියමිත කාලය වන විට යවා තිබුණේ පන්දුවාර 18 කටත් අඩු පන්දුවාර සංඛ්‍යාවක් වන අතර, ඒ අනුව ඔවුන්ට අවසන් පන්දුවාර දෙකම යැවීමට සිදු වූයේ අමතර පන්දු රකින්නෙකු යාර 30 සීමාව තුළ රදවා ගනිමින්.

එනම් යාර 30 සිමාවෙන් පිටත ඔවුන්ට රැදවීමට අවසර හිමි වූයේ පන්දු රකින්නන් පස් දෙනෙකු වෙනුවට පන්දු රකින්නන් සිව්දෙනෙකු පමණයි.

මෙම වරදින් ද උපරිම ප්‍රයෝජන ලබා ගත් පාකිස්තාන පසුපෙල පිතිකරුවන් අවසන් පන්දුවාර දෙකේ දී ඔවුන් මුහුණ දුන් පන්දු 11 තුළ ලකුණු 23 ක් රැස් කිරීමට සමත් වුණේ ඉන්දියාවට යම් අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක ඉලක්කයක් හිමි කර දෙමින්.(147/10)(19.5 ov)

පාකිස්තානය අතින් ද මෙම වරදම සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට අවසන් පන්දුවාර තුනම යැවීමට සිදු වූයේ පන්දු රකින්නන් පස් දෙනෙකු යාර 30 සීමාව තුළ රදවා ගනිමින්.

ලකුණු 148 ක ඉලක්කය ආරක්ෂා කර ගැනීමේ දී මෙම නව නීතිය හේතුවෙන් තමන්ට ලද දඩුවම පාකිස්තානයට දැඩිව බලපෑමක් එල්ල කරනු ලැබුවා.

ඉන්දියාවට අවසන් පන්දුවාර තුන තුළ දී ලකුණු 32 ක ඉලක්කයක් සපුරා ගැනීමට අවශ්‍ය වූ අතර, රවීන්ද්‍ර ජඩේජා හා හර්ඩික් පාන්ඩ්යා ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ඉන්දියාව ජයග්‍රහනය වෙත රැගෙන ගියේ අයි.සී.සීය පනවා ඇති නව නීතියේ ද උපකාරය ලබා ගනිමින්.

“එය අවසාන පන්දුවාර කිහිපය තුළ ඔබට තරගය ජය ගැනීමට හෝ පරාජයට පත් වීමට හැකි එක් ක්‍රමයක්.” යනුවෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

“ආසියානු කුසලානයේ හෝ ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේදී වුණත්, මෙය සිදුවුවහොත්, අපි තරඟය පරාජයට පත් වෙන්න පුලුවන්. තරඟයක් පරාජයට පත් වීමට එය හොඳ ක්‍රමයක් නොවෙයි.”

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...