ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අතරතුර විවේක දිනයක් ; කාලසටහන මෙන්න

Date:

නවසීලන්ත කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේ දී සිදු කරන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, සැප්තැම්බර් 21 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්.

ඒ, මෙරට ජනාධිපතිවරණය එදින පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඒ අනුව සැප්තැම්බර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පළමු තරගය වෙනුවෙන් දින වෙන් කර ඇති අතර, දෙවැනි තරගය සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...