දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද(23) දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

චන්දිමාල් ලකුණු 10 ක් ලබා සිටියදී මාර්ක් වුඩ් යොමු කළ පන්දුවක් දකුණු අතේ ඇගිල්ලක වැදීම හේතුවෙන් මෙම ආබාධය සිදු වුණා.

අනතුරුව අඛණ්ඩව පිතිකරණයේ නිරත වීමට චන්දිමාල්ට නොහැකි වූ අතර, ඔහු පිටියෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

පසුව වෛද්‍ය පරීක්ෂණ සදහා ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...