ස්මිත්, බෲක්ගේ අර්ධ ශතක එංගලන්තය සවිමත් කරද්දී අසිතගේ කඩුලු 3 හමුවේ ශ්‍රී ලංකාව තවදුරටත් සටනේ

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (22) මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 22 ක් ලබා සිටි අතර, අද දිනයට තරගය නතර කරන විට ඔවුන් කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 259 ක්.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 236 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 23 ක්.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී තරගය ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කිරීමට ද සිදු වූයේ නියමිත කාලයට පෙරයි.

නොදැවී පන්දුවට පහර දෙන ජෙමී ස්මිත් ලකුණු 72 ක් හා ගස් ඇට්කින්සන් ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

බෙන් ඩකට් ලකුණු 18 කටත්, ඔලී පෝප් ලකුණු හයකටත්, ඩෑන් ලෝරන්ස් ලකුණු 30 කටත් දැවී ගියා. ජෝ රූට් ලකුණු 42 ක් ලබා ගත් අතර, හැරී බෲක් ලකුණු 56 කට දැවී ගියා. ක්‍රිස් වෝක්ස් ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 68 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 74 ක් හා මිලාන් රත්නායක ලකුණු 72 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ශොයිබ් බෂීර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...