ශ්‍රී ලංකා තරගය අභියස නසීම් ශාහ් හා හැරිස් රවුෆ් ගැන පාකිස්තානයෙන් නිවේදනයක්

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලියේ සුපිරි 4 වටය යටතේ පසුගියදා ක්‍රීඩා කළ ඉන්දියාවට එරෙහි තරගයේ දී දකුණු උරහිසෙහි ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට සමාන් ඛාන් සංචිතයට ආදේශ කිරීමට පියවර ගත් බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටනම් හෙට(14) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම පාකිස්තානය ජය ගත යුතුව ඇති පසුබිමකයි පාකිස්තානයේ ප්‍රබලතම වේග පන්දු යවන්නෙකුට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් ඔහුගේ තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින අතර, ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් ගත යුතු සියලු පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග වෛද්‍ය කමිටුව විසින් ගනු ඇති.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සමාන් ඛාන් මීට පෙර පාකිස්තානය වෙනුවෙන් 20යි 20 තරග ක්‍රීඩා කර ඇති අතර, ඔහු මේ වන විටත් පාකිස්තාන සංචිතය සමග කොළඹ දී එක් වී තිබෙනවා.

මේ අතර, යම් වේදනාවකින් පසු වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහි තරගයේ අතිරේක දිනයේ දී පන්දු නොයැවූ වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් මේ වන විට හොදින් සුවය ලබමින් සිටින බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහුගේ තත්ත්වය ද එරට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව විසින් අධීක්ෂණය කරමිනුයි පසුවන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...