ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ ; වසර දෙකකට පසු නවීන්ට කැදවීමක්

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් වසර දෙකකට පසුව යළි එක්දින සංචිතයට කැදවීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී හොදින් දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බදීන් නයිබ්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ආසියානු කුසලාන තරගාවලිය සදහා වන සංචිතයට ඇතුළත් වූ කරීම් ජනට්, ශරෆුදීන් අශ්රෆ් හා සුලිමන් සාෆි යන ක්‍රීඩකයින් ද ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට එක් නොවූ අස්මතුල්ලාහ් ඔමර්සායි ලෝක කුසලාන තරගාවලියට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී සමග දග පන්දු යවන්නන් ලෙස රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන් හා නූර් අහ්මඩ් සංචිතයට ඇතුළත්.

සංචිතය සදහා අයි.සී.සී අනුමැතියක් නොමැතිව වෙනස්කම් සිදු කිරීමට ඇෆ්ඝනිස්තානයට සැප්තැම්බර් 28 වැනිදා දක්වා කල් පවතිනවා.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Afghanistan World Cup squad:

Hashmatullah Shahidi (c), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Abdul Rahman, Naveen ul Haq.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...