‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ T 20 තරගය කල් දැමේ

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි මෙලෙස එම තරගය කල් දැමීමට තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේ සිදු කළ PCR පරීක්ෂණවලදී මේ බව අණාවරණය වී ඇති බව සදහන්.

මැයි මස 04 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම 20යි 20 තරගය පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI පිල හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින්ද ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන 20යි 20 නායක දසුන් ශානක විසින්ද මෙහෙය වීමට නියමිතව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...