ශ්‍රී ලංකාව ජයග්‍රහනයට කඩුලු 5ක් පිටුපසින් – Day 4 Report

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද (2) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් පමණක් පිටුපසින් සිටිමින්.

අයහපත් ආලෝක තත්ත්වය හමුවේ අද දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කරන විට ලකුණු 437ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම සදහා කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ලිටොන් දාස් ලකුණු 14ක් සහ මෙහිදි හසාන් මිරාස් ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 24ක් ලබා සිටි ටමිම් ඉක්බාල් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

සයිෆ් හසාන් ලකුණු 34කට දැවී ගියේ ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවකට සුරංග ලක්මාල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ප්‍රවීන් ජයවික්‍රම යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 26කට දැවී ගිය අතර, එය ප්‍රවීන් ජයවික්‍රම විසින් මෙම තරගයේ දී බිද හෙලූ 8 වන කඩුල්ල වීම විශේෂත්වයක්.

අනතුරුව රමේෂ් මෙන්ඩිස් විසින් මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් පිළිවෙලින් ලකුණු 32කට සහ 40කට දවා ගැනීමට සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා මේ වන විට බංග්ලාදේශ තවත් ලකුණු 260ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තවත් කඩුලු 5ක් දවා ගත යුතුයි.

මේ අතර, ප්‍රවීන් ජයවික්‍රම මේ වන විට වාර්තා අතරට එක්ව ඇත්තේ ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ප්‍රර්ශනය කළ දෙවැනි හොදම පන්දු යැවීම සටහන් කරමින්.

ඔහු තවත් එක් කඩුල්ලක් දවා ගතහොත් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ප්‍රර්ශනය කළ හොදම පන්දු යැවීමේ වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සටහන් වනු ඇති.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 251ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අද දහවල් අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදීයි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 66(78)ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින්.

ධනංජය ද සිල්වා ලකුණු 41කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 5ක් සහ මෙහිදි හසාන් මිරාස් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...