ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නැරඹිය හැකි සියලු ආකාරයන් නිවේදනය කෙරේ

Date:

‍බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය අනිද්දා (21) ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගනයේ දී යි.

මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

තරගාවලියේ විකාශන කටයුතු සිදු වන ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(19) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත TV නාලිකාවටයි.

සජීවී ගුවන් විදුලි විස්තර විචාරය ගෙන ඒමේ අයිතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

තරගාවලිය නැරඹිය හැකි (ලොව පුරා) සියලු ආකාරයන් පහතින් –

Sri Lanka vs West Indies Test Series 2021 : Broadcasting Platforms –

  • Sri Lanka: TV – Siyatha TV
    Radio – SLBC
    Sri Lanka (Pay): Dialog & IPTV – SLT
    Sri Lanka: YouTube Livestreaming: SLC YouTube Channel
  • India: Sony Six + Sony Liv
  • Rest of sub-continent minus Pakistan: Ten Cricket + Sony Liv
  • US: Willow TV (TV & digital)
  • Africa & Sub-Saharan Africa: SuperSport (TV & digital)
  • Middle East: Set Max + Sony Liv
  • UK: HUM MASALA.
  • Bangladesh: T Sports (TV & digital)
  • Caribbean – Columbus communications (Flow television) (TV & Digital)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...