“මම භාගයක් ඉන්දියානුවෙක් වෙලා” : ඩි විලියස් සමු ගනිමින් කියූ දේ

Date:

තමා ජීවිත කාලයටම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පුද්ගලයෙකු වනු ඇති බව අද දින ක්‍රිකට් පිටියෙන් සමු ගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියස් පවසනවා.

බැංගලෝර් කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කළා.

“මම ජීවිත කාලයටම RCB කෙනෙක් වෙන්නයි යන්නේ. RCB කණ්ඩායමේ සිටින සෑම පුද්ගලයෙක්ම මට පවුලක් වෙලා.”

යනුවෙන් ඔහු කියා සිටියා.

“මිනිසුන් එනවා සහ යනවා, නමුත් RCB හි අප එකිනෙකාට ඇති ජීවගුණය සහ ආදරය සැමවිටම පවතීවි. මම දැන් අඩක් ඉන්දියානුවෙක් වෙලා, මම ඒ ගැන ආඩම්බර වෙනවා.”

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සදහා ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළා.

IPL තරග 184කට ක්‍රීඩා කර ඇති ඩි විලියස් එහිදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 5,162ක්. ශතක 3ක් හා අර්ධ ශතක 40ක් ඊට ඇතුළත්.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉනිමක වේගවත්ම අර්ධ ශතකය, ශතකය සහ ලකුණු 150 වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ඒ.බී. ඩි විලියස්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක්, එක්දින තරග 228ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 78ක් ඒ බී ඩි විලියස් ක්‍රීඩා කර තිබුණා.

එහිදී පිළිවෙලින් ඔහු ලකුණු 8,765ක්, 9,577ක් හා 1,672ක් රැස් කළා.

ඩි විලියස් ක්‍රීඩා කළ සමස්ත 20යි 20 තරග සංඛ්‍යාව 340ක් වන අතර, එහිදී ලකුණු 9,424 ක් රැස් කිරීමට ඔහු සමත් වුණේ ශතක 4ක් හා අර්ධ ශතක 69ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...