සමීප ආශ්‍රිතයින් අද ඇන්ටිජන් පරීක්ෂාවකට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට්ට කොවිඩ් 19 ආසාදනය වී ඇතත්, ඒ තුළින් ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සදහා බලපෑමක් එල්ල නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

මේ වන විට ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගැණුනු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හා භෞත චිකිත්සක Brett Harrop නිරෝධායනයට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, කිසිදු ක්‍රීඩකයෙකු ශේන් මැක්ඩර්මෝට්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගෙන නොමැති බව මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කළා.

සමීප ආශ්‍රිතයින් සදහා අද(19) දිනයේ දී ඇන්ටිජන් හෙවෙත් ප්‍රතිදේහ (Anti-body tests) පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බවත්, පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර යළිත් වරක් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇති බවත් සදහන්.

සියලු ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් දෙවරක් එන්නත්කරණයට ලක් කර ඇති බැවින් තරගාවලිය සදහා බලපෑමක් එල්ල වීමේ අවධානම ඉතා අවම බවයි මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...