ප්‍රබල සටනකින් පසු පාකිස්තානයට කඩුලු 4ක ජයක්

Date:

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් බංග්ලාදේශ තරග සංචාරය ජයග්‍රාහීව ආරම්භ කිරීමට පාකිස්තානය අද(19) සමත් වුණා.

ඩකා නුවර මීර්පූර් හී ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 15ක් තුළ දී බිද වැටුණු නමුත්, ඔවුන්ගේ ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 127ක් දක්වා රැගෙන යාමට මැද පෙල පිතිකරුවන් සමත් වුණා.

අෆිෆ් හුසේන් ලකුණු 36ක් හා මහෙදි හසාන් නොදැවී ලකුණු 30ක් රැස් කළා. නුරුල් හසාන් ලකුණු 28යි.

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත් අතර, මොහොමඩ් වසීම් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 24ක්ව තිබියදී බිද වැටුණා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 11 කටත්, නායක බාබර් අසාම් ලකුණු 7කටත්, හෙයිදර් අලී හා ෂොයිබ් මලික් ලකුණු නොලබාත් දැවී ගියා.(මලික් දැවී ගිය අයුරු පහතින් නරඹන්න)

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා ෆකාර් සමාන් හා කුෂ්දිල් ශාහ් අතර පන්දු 50කින් ලකුණු 56ක සබදතාවයක් ගොඩ නැගුණා.

ඔවුන් දෙදෙනාම ලකුණු 34 බැගින් ලබා සිටියදී දැවී ගියා.

අනතුරුව ශඩාබ් ඛාන් හා මොහොමඩ් නවාස් එක්ව පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන ගියා.(132/6)

ශඩාබ් පන්දු 10කින් නොදැවී ලකුණු 21ක් ලබා ගත් අතර, නවාස් පන්දු 8කින් නොදැවී ලකුණු 18ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් කඩුලු 2ක් ද, මහෙදි හසාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා ශොරිෆුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...