ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

ඒ අනුව පළමු ඉනිමේ දී ලකුණු 79ක් ලබා සිටිය දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 34 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

පළමු ඉනිමේ දී ලකුණු 85ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 25ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත්තේ 38 වන ස්ථානය දක්වායි.

දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් පෙරේරා 60 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

එමෙන්ම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 45 වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට විශ්ව ප්‍රනාන්දු සමත්ව ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් 7 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දීය වැඩබලන නායක අජින්කෙයා රහානේ පිතිකරණ අංශයෙන් 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5කින්.

දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස් එහි 21 වන ස්ථානය දක්වා ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...