කෝලි සහ ස්මිත් පසු කරමින් විලියම්සන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වී තිබෙනවා.

ඒ, පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටි ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් ඉන්දියාවට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරග ද්විත්වයේ දී දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ.

ඒ අනුව නව ප්‍රසාද ලකුණු 13ක් හිමි කරගනිමින් සමස්ත ප්‍රසාද ලකුණු 890කට හිමිකම් කියන කේන් විලියම්සන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව ඇත්තේ ස්ටීව් ස්මිත් සහ ඉන්දීය නායක විරාට් කෝලි අභිබවා යමින්.

ස්මිත් ප්‍රසාද ලකුණු 877ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇති අතර, විරාට් කෝලි ප්‍රසාද ලකුණු 879ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයේම පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...