ඩිල්ෂාන්ට අයි.සී.සීයෙන් නව නම්බුනාමයක්

Date:

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් යනු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම පන්දු රකින්නෙකු බවට විවාදයක් නැහැ.

පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගෙන සිටියද පන්දු යැවීමෙන් ද ඔහු අවස්ථා රැසකදී සුවිශේෂී දක්ෂතා දැක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබරතාවය මෙන්ම ශක්තිමත්භාවය තවදුරටත් ඉහළ නංවමින්.

ඇතැම් අවස්ථාවලදී පිතිකරණයෙන් නොව පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් ද ඉහළ දක්ෂතා දක්වමින් කණ්ඩායමට ජයග්‍රහන රැගෙන ඒමට ඩිල්ෂාන් සමත් වූ බව අපට මතකය.

ඒ අතර ඔහු පන්දු යවමින් ඔහු විසින්ම උඩ පන්දු රැක ගත් අවස්ථා ද ඇත.

පසුගිය දිනක ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඩිල්ෂාන්ගේ එම දක්ෂතාවය පිළිබද වීඩියෝවක් නිකුත් කර තිබුණා.

එම වීඩියෝව අයි.සී.සීය විසින් හදුන්වා දී තිබුණේ පන්දු යවමින් උඩ පන්දු රැක ගැනීමේ රජු තිලකරත්න ඩිල්ෂාන් බවටයි. (The King of caught and bowled!)

අදාළ වීඩියෝ පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...