ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට පමණක් T10 ලීගයට ක්‍රීඩා කිරීමට අවසර

Date:

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව තිදෙනෙකු දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.

ඒ, ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා නොදීම හේතුවෙන්.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා කාර්ය බහුල තරග කාලසටහනක් මෙම වසරේ දී පවතින බැවින් ක්‍රිකට්  ආයතනය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මීට පෙර T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

කෙසේ වෙතත් මේ වන විට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවසර හිමිව ඇත්තේ මතීෂ පතිරණ (Bangla Tigers), මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් (Northern Warriors) යන ක්‍රීඩකයින්ට පමණයි.

වනිදු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වැනි ක්‍රීඩකයින් ද මීට පෙර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...