ආචර්, ස්ටොක්ස් සහ බර්න්ස් ඉන්දියාවට එරෙහිව කැදවයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා ශ්‍රී ලංකා තරගාවලියට නම් නොකළ බෙන් ස්ටොක්ස්, ජොෆ්ර ආචර් සහ රොරී බර්න්ස් කැදවා තිබෙනවා.

ජොනී බෙයාර්ස්ටොව්, සෑම් කරන් සහ මාර්ක් වුඩ් පළමු ටෙස්ට් තරග දෙකෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ජොස් බර්ලර් පළමු ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කර යළි එංගලන්තය බලා පිටත්ව යන බැවින් ඔහුට අවසන් ටෙස්ට් තරග 3 අහිමි වන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 5 වනදා චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

England Men’s Test Squad:

Joe Root (c), Jofra Archer , Moeen Ali , James Anderson , Dom Bess , Stuart Broad , Rory Burns , Jos Buttler , Zak Crawley , Ben Foakes , Dan Lawrence , Jack Leach , Dom Sibley , Ben Stokes , Olly Stone , Chris Woakes.

Reserves:

James Bracey , Mason Crane , Saqib Mahmood , Matthew Parkinson , Ollie Robinson , Amar Virdi .

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...