නවකයන් දෙදෙනෙකු T 10 ලීගය සදහා දිවයිනෙන් පිටව යයි

Date:

එළඹෙන 28 වනදායින් ආරම්භ වීමට නියමිත අබුඩාබී T 10 ලීගයට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ලක්ෂාන් සහ මහේෂ් තීක්ෂණ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මෙම තරගාවලියේ දී නොදර්න් වොරියස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලිය සදහා විවිධ කණ්ඩායම් විසින් තොරාගනු ලැබුව ද ඇතැම් ක්‍රීඩකයින්ට ඊට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී නැහැ.

මෑතකදී අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ධනංජය ලක්ෂාන් තුන් ඉරියව්වෙන්ම දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසට ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

එමෙන්ම මහීෂ් තීක්ෂණ ලංකා ප්‍රිමියර් ලීගයේදී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් දඟ පන්දු යවන 20 හැවිරිදි ක්‍රීඩකයෙක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...