ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කණ්ඩායම නිවේදනය කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(10) නිවේදනය කළා.

ඊයේ නිමා වූ මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණේ අවසන් මහා තරගයේ දී නෙදර්ලන්තය පරදවමින් ලකුණු 128 ක ජයක් වාර්තා කරමින්.

තරගාවලිය පුරා දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු නම් කරමින් මෙම තරගාවලියේ කණ්ඩායම නිවේදනය කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්.

නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල්වල ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ද තරගාවලියේ කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් දෙදෙනා ස්කොට්ලන්ත ක්‍රීඩකයින් වනවා.

ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ පැතුම් නිස්සංක, වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණයි.

නිස්සංක ඉනිම් 8 කදී ලකුණු 417 ක් වාර්තා කිරීමට මෙම තරගාවලියේ දී සමත් වුණා. ඒ, ශතක 2 ක් හා අර්ධ ශතක 2ක් ද සමගින්. ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 69 ක් ලෙසයි.

මෙම තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ වනිදු හසරංග. ඔහු ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා. තරගාවලිය ආරම්භයේ දී ඔහු අඛණ්ඩව තරග 3කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් බිද හෙලීමට ද සමත් වීම කැපී පෙණුනා.

මහීෂ් තීක්ෂණ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තරග 8කදී බිද හෙලූ කඩුලු ගණණ 21 ක්.

ICC Men’s Cricket World Cup 2023 Qualifier Team of the Tournament :

1. Pathum Nissanka – Sri Lanka
2. Vikramjit Singh – Netherlands
3. Brandon McMullen – Scotland
4. Sean Williams – Zimbabwe
5. Bas de Leede – Netherlands
6. Sikandar Raza – Zimbabwe
7. Scott Edwards (c and wk) – Netherlands
8. Wanindu Hasaranga – Sri Lanka
9. Maheesh Theekshana – Sri Lanka
10. Chris Sole – Scotland
11. Richard Ngarava – Zimbabwe

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...