පළමු 20යි 20 තරගයෙන් ඉන්දියාවට ජය

Date:

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(9) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

Shorna Akter නොදැවී ලකුණු 28 ක් ලබා ගත් අතර, Sobhana Mostary ලකුණු 23 ක් හා Shathi Rani ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Pooja Vastrakar, Minnu Mani හා Shafali Verma කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Harmanpreet Kaur පන්දු 35 කින් නොදැවී ලකුණු 54 ක් රැස් කළා. Smriti Mandhana ලකුණු 38යි.

පන්දු යැවීමේදී Sultana Khatun කඩුලු 2 ක් හා Marufa Akter එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...