තරගයක් ඉතිරිව තිබියදීම 20යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(10) සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 118 ක් ලබා ගත්තා.

චමරි අතපත්තු ලකුණු 2 කට දුවද්දී දැවී ගිය අතර, විශ්මි ගුණරත්න ලකුණු 7යි. කවීෂා දිල්හාරි ලකුණු නොලබා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දක්නට ලැබුණේ කඩුලු 3 ක් දැවී ලකුණු 14 ක් ලෙසයි.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 57 (60) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට හර්ෂිතා සමරවික්‍රම හා හසිනි පෙරේරා සමත් වුණා. හසිනි ලකුණු 33(36) ක් ලබා ගත් අතර, හර්ෂිතා ලකුණු 23(28) කට දැවී ගියා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 22(23) යි. අනුෂ්කා සංජීවනී පන්දු 13 කින් නොදැවී ලකුණු 18 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Lea Tahuhu ලකුණු 21 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Bernadine Bezuidenhout ලකුණු 24 ක් හා Suzie Bates ලකුණු 52 ක් ලබා ගත්තා. Amelia Kerr නොදැවී ලකුණු 33 යි.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි හා ඉනෝකා රණවීර කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...