පාකිස්තානයට එරෙහි පුහුණු තරගයට නම් කළ සංචිතයට දික්වැල්ලත් කැදවයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ (SLC President’s XI) සංචිතය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ කමිදු මෙන්ඩිස් විසින්.

නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස සංචිතයට ඇතුළත් අතර, ඕෂද ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, නුවනිදු ප්‍රනාන්දු හා සදුන් වීරක්කොඩි වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

දෙදින පුහුණු තරගය හෙට(ජූලි 11) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Squad :
1 Niroshan Dickwella (WK)
2 Oshada Fernando
3 Sandun Weerakkody
4 Kamindu Mendis – Captain
5 Ahan Wickremasinghe
6 Nipun Dhananjaya
7 Nuwanidu Fernando
8 Lakshitha Manasinghe
9 Praveen Jayawickrama
10 Shashika Dulshan
11 Kavishka Anjula
12 Milan Ratnayake
13 Asanka Manoj
14 Mohammed Shiraz

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...