ශ්‍රී ලංකාව සෘන දෙකෙන් ගැළවෙයි; සුපර් ලීගයේ නවතම ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 97ක ජයක් වාර්තා කිරීමත් සමගයි. ALSO READ : කුසල් සහ දුෂ්මන්ත ලංකාවේ ගෞරවය රැක ගනියි; ශ්‍රී ලංකාවට ලකුණු 97ක ජයක්

ඒ අනුව මෙතෙක් ප්‍රසාද ලකුණු සෘන දෙකක් හිමිව තිබූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.

ශ්‍රී ලංකාව අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ තරග 6කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 5ක්ම පරාජයට පත්ව තිබෙනවා.

නියමිත කාලයට පන්දුවාර නොයැවීම හේතුවෙන් දඩුවම් ලකුණු දෙකක් ද ශ්‍රී ලංකාවට පනවා තිබූ බැවිනුයි ඔවුන්ට මෙතෙක් සෘන ප්‍රසාද ලකුණු 2ක් හිමිව තිබුණේ.

රටවල් 13ක් සහභාගී වන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තවමත් රැදී සිටින්නේ 12 වන ස්ථානයේයි.

බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටිනවා.

මේ වන විට ඔවුන් සුපර් ලීගය යටතේ සහභාගී වූ තරග 9න් තරග 5ක් ජය ගෙන ඇති අතර, බංග්ලාදේශයට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29
  9. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  10. අයර්ලන්තය : තරග 6 – ප්‍රසාද ලකුණු 10
  11. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9
  12. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8
  13. නෙදර්ලන්තය : තරග 0 – ප්‍රසාද ලකුණු 0

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...