වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් CPL තරගාවලියට

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලියේ 2021 අදියර සදහා ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Draft) හෙවත් තෝරා ගැනීම අද(28) සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද සී.පී.එල් කණ්ඩායම් විසින් තෝරා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව වනිදු හසරංග තෝරා ගනු ලැබුවේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද නියෝජනය කරන ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසිනුයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට තෝරා ගත්තා.

සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානව සිය කණ්ඩායමට තෝරා ගනු ලැබුවා.

මෙවර සී.පී.එල් තරගාවලිය ලබන අගෝස්තු 28 වනදා ආරම්භ වීමට නියමිතයි.(සංචිත පහතින්)

තරග 33කින් යුත් තරගාවලියේ සියලු තරග ශාන්ත කිට්ස් හී දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අවසන් තරගය සැප්තැම්බර් 19 වනදා පැවැත්වෙනු ඇති.

සංචිත –

CPL
CPL

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...