ශ්‍රී ලංකාව ලැබූ ජයෙන් පසු අලුත් වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

Date:

බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328 ක දැවැන්ත ජයක් ලබමින් 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට සිය පළමු ප්‍රසාද ලකුණු 12 එක්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, සිල්හෙට්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 182 කට දවා ගනිමින්.

Match Report – වේග පන්දු යවන්නන්, ධනංජය හා කමිදු ශ්‍රී ලංකාවට ලකුණු 328 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග දෙකක් (පාකිස්තානයට එරෙහිව) ක්‍රීඩා කර තිබූ අතර, එම තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව මෙතෙක් අවසන් ස්ථානයේ (9 වැනි ස්ථානය) පසු වූ අතර, අද ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

අද තරගයේ ප්‍රතිපලයත් සමග මෙතෙක් 5 වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය සිව්වැනි ස්ථානය දක්වා ද, 6 වැනි ස්ථානයේ පසු වූ කොදෙව්වන් 5 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙතෙක් සිව්වැනි ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයට මේ වන විට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...