කලෙඩ්ගේ මන්කඩ් උත්සාහය ගැන එංගලන්ත ආරම්භක පිතිකරුගෙන් හාස්‍යජනක ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) නිමා වුණේ ශ්‍රී ලංකාවට ලකුණු 328 ක දැවැන්ත ජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කිරීමට ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් සමත් වීම කැපී පෙනුණු අතර, පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු විස්සම දවා ගත්තේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් වීම විශේෂත්වයක්.

වාර්තා රැසක් අලුත් වූ මෙම තරගයේ දී ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ කමිදු මෙන්ඩිස් මැන්කඩ් ක්‍රමය යටතේ දුවද්දී දවා ගැනීමට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක කලෙඩ් අහ්මඩ් ගත් අසාර්ථක උත්සාහයයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී 63 වැනි පන්දුවාරයේ දී ඔහු එම අසාර්ථක උත්සාහයේ නිරත වූ අතර, ඒ වන විට කමිදු මෙන්ඩිස් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49 ක්.

කලෙඩ් අහ්මඩ් සිදු කිරීමට තැත් කළ මෙම ක්‍රියාව ගැන බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වා ඇති අතර, එංගලන්ත ක්‍රීඩක බෙන් ඩකට් ද මේ සම්බන්ධයෙන් හාස්‍යජනක අපූර්ව අදහසක් සිය ට්විටර් ගිණුමේ පල කර ඇති අයුරු දැක ගත හැකි වුණා.

මන්කඩ් ක්‍රියාවටත් වඩා නරක එක් දෙයක් පමණක් ඇති බවත්, එයනම් මන්කඩ් කිරීමට ගොස් එය අසාර්ථක වීම බවත්, එම ට්විටර් සටහනේ ඔහු සදහන් කර තිබෙනවා.

“There is only one thing worse than a mankad… trying to mankad someone and failing”.

https://twitter.com/BenDuckett1/status/1771868480876286237?t=By91LuDj2ywXdjCxQLdWMw&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...