වේග පන්දු යවන්නන්, ධනංජය හා කමිදු ශ්‍රී ලංකාවට ලකුණු 328 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි

Date:

බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, සිල්හෙට්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 182 කට දවා ගනිමින්.

දිනය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 47 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටි අතර, ඔවුන්ගේ දෙවැනි ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමේ වගකීම භාර ගත් මොමිනුල් හක් නොදැවී ලකුණු 87 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

මෙහිදි හසාන් මිරාස් ලකුණු 33 ක් හා ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 12 ක් රැස් කරමින් ඔහුට යම් සහායක් ලබා දුන්නා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් බංග්ලාදේශය දැවැන්ත පරාජයකට ඇද දැමූ කසුන් රාජිත ලකුණු 56 කට කඩුලු 5ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා. ලහිරු කුමාර ද කඩුලු දෙකක් දවා ගත් අතර, ඒ අනුව මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ දැවී ගිය කඩුලු විස්සම බිද හෙලීමට සමත් වුණේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් වීම විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 280 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 418 ක් රැස් කළා.

පළමු ඉනිමේ දී හා දෙවැනි ඉනිමේ දී ශතක වාර්තා කළ නායක ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය එළඹෙන 30 වැනිදා චිතගොංහී දී (Chattogram) ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...