ශ්‍රී ලංකාව ලකුණු 455 ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (1) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද සියලු ‌බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු හයක් දැවී ලකුණු 102 ක් ලබා සිටියා. ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 3 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 39 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු දෙකක් පමණයි. නිශාන් මදුෂ්ක ලකුණු 34 කට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ ලකුණු 9 ක් පමණයි. නායක ධනංජය ද සිල්වා එක් ලකුණකට දැවී ගිය අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 9ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 51 කට කඩුලු 4ක් දවා ගත් අතර, කලෙඩ් අහ්මඩ් ලකුණු 29 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 455 ක්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටි අතර, අද දිනයේ තේ පානය සදහා තරගය නතර කිරීමට පෙර ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 178 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සාකීර් හසාන්. ඔහු ලකුණු 54 කට දැවී ගියා.

මොමිනුල් හක් ලකුණු 33 යි. තයිජුල් ඉස්ලාම් ලකුණු 22 කටත්, මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 21 කටත් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ශකිබ් අල් හසාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 15ක්.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 34 ක් ලබා දෙමින්. විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

චිතගොංහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 531 ක් ලබා ගත්තා.

Watch : පන්දුවක් රැක ගන්න බංග්ලාදේශ ක්‍රීඩකයින් 5 දෙනෙකු දිව ගිය හැටි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...