ශ්‍රී ලංකාව ජයග්‍රහනයට ලකුණු 348ක් පිටුපසින් – Day 4 Report

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඇන්ටිගාහි පැවැත්වෙන තරගය සිව්වන දිනයට මෙරට වේලාවෙන් අද(2) අලුයම නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 29ක්.

ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 11ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාව අද දිනයේ දී ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 348ක්.

තරගයේ සිව්වන දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි.

ළහිරු තිරිමාන්න ලකුණු 55ක් සහ පැතුම් නිස්සංක ලකුණු 51ක් ලබා ගනිමින් ඉනිමට යම් ශක්තියක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී කෙමා රෝච් කඩුලු 3ක් බිද හෙලූ අතර, අල්සාරි ජෝසප් සහ ජේසන් හෝල්ඩර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලබා සිටියදීයි.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 85ක්, ක්යිල් මේයර්ස් ලකුණු 55ක් සහ ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71ක් ලබා ගනිමින් කොදෙව් දෙවැනි ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමු ඉනිමේ මෙන්ම මෙම ඉනිමේ දී ද දුර්වල පන්දු රැකීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් කඩුලු දවා ගැනීම සදහා ලද අවස්ථා කිහිපයක්ම මග හැර ගත්තා.

මේ අතර, පන්දු රකිමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් ලසිත් ඇඹුල්දෙණිය වෛද්‍ය පරීක්ෂණ සදහා රෝහල් ගත කිරීමට ද සිදු වුණා.

ඒ අනුව ඔහුට දෙවැනි ඉනිමේ දී කිසිදු පන්දුවාරයක් යැවීමට හැකි වූයේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...