ලෝක කුසලානයට ක්‍රීඩකයින් 22 ක් රැගෙන යාමට ICCයෙන් අවසර

Date:

අයි.සී.සී ජ්‍යෙෂ්ඨ තරගාවලියන්හි සංචිත සදහා ක්‍රීඩකයින් හෝ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් තවත් 7 දෙනෙකු ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය අවසර ලබා දී තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගතයත් සමග ඇතිව තිබෙන සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුවයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අයි.සී.සී රැස්වීම්වලින් පසුව මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණා.

මෙතෙක් පැවැති අයි.සී.සී ජ්‍යෙෂ්ඨ තරගාවලි සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු (සමස්තය 23ක්) සංචිතයකට ඇතුළත් කිරීමට හැකියාව පැවතුණා.

කෙසේ වෙතත්, එම සාමාජිකයින්ගේ ප්‍රමාණය 23 සිට 30ක් දක්වා ඉහළ නැංවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

නව නීතියත් සමග මෙම වසරේ පැවැත්වෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට සංචිතයකට ක්‍රීඩකයින් 22 දෙනෙකු නම් කිරීමේ හැකියාව පවතිනවා.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එළඹෙන 20යි 20 ලෝක කුසලානයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද මෙම අයි.සී.සී රැස්වීම්වලදී සාකච්ඡා පවත්වා තිබුණා.

එහිදී බදු විධිවිධාන සහ වීසා පිළිබද සහතිකයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ධනාත්මක සාකච්ඡා සිදු වන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය අයි.සී.සීය වෙත දැනුම් දී තිබෙනවා.

එම ගැටලු ලබන මාසයේ දී විසදා ගැනීමට හැකි වනු ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...