පන්දුවාර 10ට සීමා වූ තරගයෙන් නවසීලන්තයට ලකුණු 65ක ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් නවසීලන්තය ලකුණු 65ක ජයක් වාර්තා කරමින්.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 10කට සීමා කෙරුණා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තා.

මාර්ටින් ගප්ටිල් ලකුණු 44(19)ක් රැස් කළ අතර, සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෆින් ඇලන් පන්දු 29කින් ලකුණු 71ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 9.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ටොඩ් ඇස්ටල් කඩුලු 4ක් සහ ටිම් සවුති කඩුලු 3ක් දවා ගනිමින් නවසීලන්තයට ජය තහවුරු කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...