ශ්‍රී ලංකාව ජයග්‍රහනයට ලකුණු 125 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(8) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද ඉහළ බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 219 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් ජයග්‍රහනය සදහා තවත් ලකුණු 125 ක් ලබා ගත යුතුයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 39 දී දිමුත් කරුණාරත්න ලකුණු 8 කට දැවී ගියා. දිමුත් අද දිනයේ දී ටෙස්ට් ලකුණු 7,000 සීමාව පසු කර ගිය අතර, එම සීමාව පසු කළ සිව්වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 55 ක්.

පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක මෙම ඉනිමේ දී නොදැවී ලකුණු 53 (44) ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 30(25) යි.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 263 ක්. ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 325 ට පිළිතුරු ලෙසයි.

ධනංජය ද සිල්වා ලකුණු 69 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා. ඒ, 5 වැනි කඩුල්ල ලකුණු 93 දී දැවී ගිය පසුබිමක 6 වැනි කඩුල්ල සදහා ලකුණු 127 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින්. පැතුම් නිස්සංක ලකුණු 64 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජොෂ් හල් හා ඔලී ස්ටෝන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්. එය ටෙස්ට් තරගයකදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයේ දී දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෙමී ස්මිත් පන්දු 50 කින් ලකුණු 67 ක් රැස් කළා. ඩෑන් ලෝරන්ස් ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 4 ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...