Watch : වනිදු හසරංගගෙන් CPL පිටියේ දී සුපිරි පන්දු යැවීමක්

Date:

වනිදු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීම අපතේ යවමින් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් Antigua and Barbuda Falcons කණ්ඩායම හමුවේ කඩුලු දෙකක පරාජයක් අත්කර ගැනීමට St Kitts and Nevis Patriots කණ්ඩායමට සිදු වුණා.

ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Nevis Patriots කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

Mikyle Louis ලකුණු 63(36) ක් රැස් කළ අතර, වනිදු හසරංග පන්දු 14 කින් ලකුණු 23 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහරක් සමගින්.

පන්දු යැවීමේ දී මොහමඩ් අමීර් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Falcons කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ජස්ටින් ග්‍රිව්ස් ලකුණු 30(16) ක් ලබා ගත් අතර, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඔහු දවා ගත් කඩුලු හතර පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...