ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(8).
තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියා.
ඒ අනුව එංගලන්තය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 202 ක්.
ජෙමී ස්මිත් පන්දු 50 කින් ලකුණු 67 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිද හෙලුවා.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 263 ක්. ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු 325 ට පිළිතුරු ලෙසයි.
— cric sl (@cricslvideo) September 8, 2024

