ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත ලකුණු 6 ක් අහිමි කරමින් නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

වාර්ෂික ශ්‍රේණිගත යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(11) නිවේදනය කළා.

ඊට අනුව එහි පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. මීට පෙර ඔවුන්ට ශ්‍රේණිගත ලකුණු 113 ක් හිමිව තිබූ අතර, මේ වන විට ඕස්ට්‍රේලියාවට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 118 ක්.

වාර්ෂික යාවත්කාලීන කිරීම්වලට පෙර ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු 113 ක් ලබා දෙවැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, නවතම ශ්‍රේණිගත යාවත්කාලීන කිරීම්වලට අනුව ඔවුන්ට ශ්‍රේණිගත ලකුණු 115 ක් ලැබී ඇතත් ඉන්දියාවට ශ්‍රේණිගත කිරීම්හි මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ශ්‍රේණිගත ලකුණු 116 ක් ලබා පාකිස්තානය තෙවැනි ස්ථානයේ සිට දෙවෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. නවසීලන්තය සමඟ පැවති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ ජයත් සමඟ පාකිස්තානය ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් වූ නමුත්, පස්වැනි එක්දින තරගයෙන් ඔවුන් පරාජය වීමත් සමග පාකිස්තානය ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමකට ලක් වුණා. ඒ, ශ්‍රේණිගත ලකුණු 112 කට හිමිකම් කියමින්. නවසීලන්තයට එරෙහිව පස්වැනි එක්දින තරගය පාකිස්තානය ජයගෙන තිබුණේ නම් ඔවුන්ට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටීමට අවස්ථාව පැවතුණා.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තයට ශ්‍රේණිගත ලකුණු 10 ක් අහිමි වී ඇති අතර, ඒ අනුව එංගලන්තය (ලකුණු 101) අභිබවා නවසීලන්තය (104) සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාව (101) සහ බංග්ලාදේශය (97) පිළිවෙළින් 6 වෙනි සහ 7 වැනි ස්ථානවල රැඳී සිටිනවා.

ඇෆ්ඝනිස්තානය 8 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අභිබවා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව මේ වනවිට 9 වැනි ස්ථානයේද කොදෙව්වන් 10 වැනි ස්ථානයේ ද රැඳී සිටිනවා. ඇෆ්ඝනිස්ථානය සිය ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 71 සිට 88 දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 86 සිට 80 දක්වා පහත වැටී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...