දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්

Date:

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂතා හමුවේ සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 100 ක් පමණක් ලබා ගත්තා.

Shamima Sultana හා Sobhana Mostary ලකුණු 18 බැගින් රැස් කළ අතර, Rubya Haider ලකුණු 16යි.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවිර හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායිකා චමරි අතපත්තු පන්දු 27 කින් ලකුණු 33 ක් රැස් කළා. විශ්මි ගුණරත්න ලකුණු 12 යි. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 29 ක් හා කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 20 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Fahima Khatun ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...